Java Tutorial - LOOP

අද අපි කතා කරන්නෙ java වල තියෙන වැදගත් කොටසක් වන loop ගැන. loop වර්ග 3ක් තියෙනවා. අපි එහෙනම් බලමු මේ loop වර්ග 3න මොනවද සහ ඒවයෙන් වෙන්නෙ මොකක්ද කියලා. java වල මූලික දැනීම තියෙනවනම් මේක තේරුම් ගන්න පහසු වේවි.

මොකක්ද මේ loop එකක් කියන්නෙ? 

කෙටියෙන්ම කිව්වොත් loop එකක් කියන්නෙ කිසියම් දෙයක් නැවත නැවත කිරීමක් කියල කිව්වොත් හරි. නැත්තම් එකම දෙයක් වාර ගනනක් සිදුවන ක්‍රියාවලියක් loop එකක් කියල අදහස් කරන්න පුලුවන්. 

loop එකක් අවශ්‍ය වෙන්නෙ මොනවගේ වෙලාවල් වලටද?

අපි හිතමු අපේ program එකේ එකම වගේ code ටිකක් නැවත නැවත යෙදෙනව කියල. අපි ඒවගේ වෙලාවක ඒ code ටික copy past කර කර දාන්න ගියොත් ඒ වැඩේ අමාරු වෙන්න පුලුවන්. අපිට ඒවගෙ වෙලවට පුලුවන් අවශ්‍ය code ටික එකතු කරල loop කරවන්න. එතකොට පැහැදිලි වගේම නිරවුල්.

දැන් එහෙනම් අපි මේ loop වර්ග 3 ගැන බලමු.

for loop

loop වෙන්න ඕන වාර ගනන දන්න විට අපි මේ loop එක use කරනව. මොකද අපි මේ loop එකට loop වෙන්න ඕන වාර ගණනක් දෙන්න ඕනේ. අපි දැන් බලමු මේ loop එක භාවිතා වෙන විදිය.




ඉහත තිබෙන්නේ for loop එක ලියවෙන ආකාරය හා එය ක්‍රියාත්මක වන විදිය ගැන අදහසක් ගන්න රූප සටහනක්. මුලින්ම මෙහි for(    ;    ;    ) යනුවෙන් සන්දහන් කර තිබෙනවා ඔබට පෙනෙන්නට ඇති. මෙහි වරහන් ඇතුලෙ 1 ලෙස සටහන් කර අති  ස්ථානයට අපි මුලින්ම ආරම්භක අගයක් දෙන්න ඕනේ. 2ක ලෙස සටහන් කර ඇති ස්ථානයට අපි condition එකක් දෙන්න ඕනේ. ඒකට හේතුව මේ condition එක වෙනකන් තමයි මේ loop එක run වෙන්නෙ, ඒ කියන්නෙ loop එක run වෙන්න ඕන වාර ගනන තීරණය වෙන්නෙ මේ කොටසේදි.  3න ලෙස සටහන් කර ඇති ස්ථානයේ අපි මේ loop එක එක පාරක් run වුනහම වෙන්න ඕනෙ මොකක්ද්ද කියල ලියනවා.

දැන් අපි බලමු මේ loop එක run වෙන විදිය. මුලින්ම අපි 1 ලෙස සටහන් කර ඇති ස්ථානයට loop එක පටන්ගන්න ඕන value එක දුන්නා. අන්න ඒ කොටස තමයි loop එකේ මුලින්ම run වෙන්නෙ. ඒට පස්සෙ run වෙන්නෙ 2ක කොටස. එකෙදි අපි මුලින් loop එක පටන් ගන්න දීපු අගය condition එකත් එක්ක check කරල බලනවා ඊට පස්සෙ condition එක true වෙනවනම් ඊලගට for loop එකේ body(3) එක, එහෙම නැත්තම් අපි loop කරන්න කියල තියෙන code ටික run වෙනවා. එහෙම run කරල curly brace එක ඉවර වෙන තැනට ගියහම, එහෙම නැත්තම් එක පාරක් loop වුනාට පස්සෙ ඊලගට 4 කියල අපි සටහන් කර ස්ථානයට යනවා. එතන අපි loop එක එක පාරක් run උනට පස්සෙ වෙන්න ඕන දේ ලියලා තියෙනවා. මෙයා ඒ දේ කරල ආපහු condition ඒක check කරල බලනවා. ඒක true වෙනවනම් ආපහු ඒකේ body(3) එක run කරනව false වෙනවනම් loop එකෙන් ඉවත් වෙනවා.

පහත උදාහරණය මගින් මෙය තව දුරටත් තේරුම් ගත හැක( texyto යනුවෙන් 5 වතාවක් කරන්න print ඕන කියල හිතමු)


මෙහි ඉහලින් අදාල code එක හා ඊට අදාල ප්‍රතිඵලය පහලින් දක්නට ලැබේ

while loop

while ( condition ) {

}

අපි දැන් බලමු මොකද්ද මේ while loop කියන්නෙ කියලා. අපි මේ loop එක භාවිතා කරන්නෙ අපිට ඕන condition එක false වෙනකන්ම run කරන්න ඕන වෙලාවට. ඒකියන්නෙ හරියටම වාර ගණන දන්නෙ නැති කොයි වෙලාවක හරි condition එක false වෙනකන්ම run වෙන්න ඕන වෙලාවට.

දැන් මුලින්ම while කියල ලියලා ඊට පස්සේ වරහන් ඇතුලෙ check කරන්න ඕන condition එක ලියන්න ඕනේ. මේකෙදි අපි loop වෙන්න ඕන code ටික ලියන්නෙ curly braces ඇතුලේ. මෙකෙදි මුලින්ම වරහන අතුලෙ දීල තියෙන condition එක check කරල ඒක true වෙනවනම් එයාගෙ body එක run කරනවා. මෙහෙම එක වාරයක් run උනට පස්සේ ආපහු condition එක check කරනවා. true උනොත් ආපහු body එක run කරල කලින් වගෙම ආපහු condition එක check කරනවා. කොයි වෙලාවක හරි false උනොත් අන්න ඒ වෙලාවට body එක run කරන්නෙ නැතුව loop එක නවතිනවා. ( body -> curly brace ඇතුල)

පහත උදාහරණයේ texyto කියල පස් වතාවක් run කරන ආකාරය දැක්වේ.


මෙහි ඉහලින් අදාල code එක හා ඊට අදාල ප්‍රතිඵලය පහලින් දක්නට ලැබේ

do while loop

do{


} while(condition);

මේකත් while loop එක වගේම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස්. මේකෙ තියෙන වෙනස තමයි මෙකේ මුලින්ම do කියල ලියල ඊට පස්සේ curly braces ඇතුලෙ තමයි වෙන්න ඕන දේවල් ටික code කරන්නේ. ඊට පස්සෙ while කියල ලියලා වරන් ඇතුලෙ condition එක ලියන්න ඕනේ. මෙකෙදි අනිවාර්‍යෙන් වරහනට පස්සේ semi colon (;) එකක් තියන්න ඕනෙ.

මේකෙ තියෙන විශේෂම ම දේ තමයි start එකේදිම condition එක false වෙලා තිබුනත්  for හා while loop එකේ දී body එකෙ තියෙන දේවල් run කරන්නෙ නැති උනාට do while loop එකේ body එක run කරල ඉවර වෙලා condition එක check කරන්නෙ නිසා මුලින්ම condition එක false වෙලා තිබුනත් අඩුම ගානෙ එක වතාවක් වත් body එකේ තියෙන දේවල් run කරනවා.

පහත උදාහරණයේ texyto කියල පස් වතාවක් run කරන ආකාරය දැක්වේ.


මෙහි ඉහලින් අදාල code එක හා ඊට අදාල ප්‍රතිඵලය පහලින් දක්නට ලැබේ     

-Yash-

Post a Comment

Previous Post Next Post
LightBlog
LightBlog